දිල්ලි නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගින්නෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ගින්න ඇති වන අවස්ථාවේදී 70 දෙනෙකු පමණ ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ සිටි බව වාර්තා වනවා. විදුලි පරිපථයක ඇති වූ දෝෂයක් හේතුවෙන් ගින්න ඇති වුණා. ගිනි නිවීමේ වාහන 20 ක් පමණ යොදාගනිමින් ගින්න මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කර තිබුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝක පල කර ඇති අතර මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 2 ක වන්දියක් ලබාදීමට කටයුතු කරන බවයි සදහන් කළේ.
The post දිල්ලි නගරයේ සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment