චීනයේ හිටපු කොමියුනිස්ට් නායක මාඕ සේතුන් අතින් රචනා කළ ලිපි කිහිපයක් සොරකම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම ලිපි අලංකාර චීන අක්ෂර යොදාගනිමින් රචනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.සොරාගත් පුද්ගලයන් ඒවායේ වටිනාකම පිලිබද අවබෝධයකින් පසුවී නොමැති බවද විමර්ශනවලදී හෙළි වුණා. ඔවුන් ඒවා විකුණා ඇත්තේ ඇමෙරිකා ඩොලර් 25 කට පමණයි. එහෙත් මෙම අත්පිටපත් කළ වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 300 ක් ඉක්ම වන බව හෙළි වී තිබෙනවා. මුලින්ම අත්පිටපත් මිලදී ගත් පැරණි භාණ්ඩ එකතු කරන පුද්ගලයාද ඒවායේ වටිනාකම පිළිබද නොදැන සිටි බවයි වාර්තා වන්නේ.
The post මාඕ සේතුන් අතින් රචනා කළ ලිපි කිහිපයක් සොරකම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment