රුසියානු යුද සෙබලුන් යුක්රේන සිවිල් වැසියන් ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
සීසීටීවී කැමරා මගින් ලබාගත් දර්ශනයි මෙලෙස අන්තර්ජාලයට යොමු කර ඇත්තේ. මෙම සෙබලුන්ට එරෙහිව යුද අපරාධ යටතේ චෝදනා ගොණු කළ යුතු බව යුක්රේන බලධාරීන් සදහන් කළා. රුසියා සෙබලුන් කණ්ඩාම් වශයෙන් මෙම යුද අපරාධවල නිරත වන ආකාරය පෙනී ගොස් තිබෙනවා.ඔවුන් කඩසාප්පු මංකොල්ලකෑම්වලද නිරත වී ඇති බවයි වාර්තා වුණේ.
රුසියා ආක්‍රමණයෙන් පසු මේ වන විට යුක්රේනයේ සිට මිලියන 6කට වැඩි ජනතාවක් සරණාගතයන් ලෙස අසල්වැසි රාජ්‍යයන් වෙත පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරනවා. පලාගිය සරණාගතයින් අතරින් සියයට 90ක්ම කාන්තාවන් සහ කුඩා දරුවන් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. වයස අවුරුදු 18ත් 60ත් අතර පිරිමි පුද්ගලයන්ට හමුදා සේවය අනිවාර්ය කර ඇති බැවින් රටින් පිටවීමට නොහැකි වී තිබෙනවා.
The post රුසියා යුද සෙබලුන් යුක්රේන වැසියන් ඝාතනය කරන දර්ශන අන්තර්ජාලයට appeared first on ITN News.
Post a Comment