Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි – ගෑස් සඳහා සහනාධාරයක්  

Add comments

රජය බදු අනුපාත පහළ දැමීම හේතුවෙන් ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉහළ යන උද්ධමනය මධ්‍යයේ ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සඳහන් කළා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9යි ශත 50කින් සහ ඩීසල් ලීටරයක මිල 7කින් අඩුවන බවයි මුදල් අමාත්‍යවරිය සඳහන් කළේ. මෙලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල පහත හෙළීම තුළින් ඉන්දීය රජයට රුපියල් ට්‍රිලියනයක පාඩුවක් සිදු වන බවද ඇය සඳහන් කළා. මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 200ක සහනාධාරයක් ලබා දීමටත් ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. ගෑස් සහනාධාරය හේතුවෙන් ඉන්දීය රජයට රුපියල් බිලියන 61 මුදලක් අහිමි වන බව ද ඇය ප්‍රකාශ කළා.

 

 

 

 

 

The post ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි – ගෑස් සඳහා සහනාධාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG