Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ දැඩි ආගමන සහ විගමන ප්‍රතිපත්තිය අඛණ්ඩව  

Add comments

චීනය දැඩි ආගමන සහ විගමන ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරයි.ලෝක නව කොරොනා වසංගතය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින මෙම කාලයේ, චීනයේ අසල්වැසි රටවල සහ ප්‍රදේශවල වසංගතය උග්‍ර වෙමින් පවතින අතර චීනයේ බොහෝ ප්‍රදේශ වසංගතය පැතිර යන තත්ත්වයක පවතී. වත්මන් තත්ත්වය මධ්‍යයේ දැඩි ආගමන සහ විගමන ප්‍රතිපත්තිය නොවෙනස්ව ක්‍රියාත්මක කරන බව චීන ජාතික ආගමන විගමන පරිපාලන ප්‍රකාශක Chen Jie මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

වසංගත පාලන කාලය තුළ චීන මහ ගොඩබිමේ වැසියන්‌ ගේ බාහිර ගමන් අඛණ්ඩව අවම මට්ටමක පවතින බව Chen Jie මහතා පැවසීය. මේ වසරේ පළමු කාර්තුවේදී, චීනයේ ආගමන විගමන ආයතන ඇතුළුවීමේ සහ පිටවීමේ පුද්ගලයින් මිලියන 30.094 දෙනෙක් පරීක්ෂා කර ඇති අතර, ඉන් විගමණික චීන පුරවැසියන් ප්‍රමාණය මිලියන 14.622 කි. එය පෙර කාර්තුවට වඩා 1.2% ක අඩුවීමක් වන අතර ගිය වසරේ සමාන කාලයට වඩා 5.9% ක අඩුවීමක් බව ද හෙතෙම කීය.

The post චීනයේ දැඩි ආගමන සහ විගමන ප්‍රතිපත්තිය අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG