කුලියාපිටිය මාරක රිය අනතුරු සිද්ධියෙන් ඩිෆෙන්ඩර් රථය පැදවූයේ පියා බවට තහවුරු වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණා.
කුලියාපිටිය ප්‍රදේශයෙය්දී යතුරු පැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයෙකු මිය ගියා.ඒ සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ පියා, 14 හැවිරිදි පුත්‍රයා සහ තවත් පුද්ගලයකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඩිෆෙන්ඩර් රථය පැදවූයේ පියා බවට තහවුරු වීමත් සමඟ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර අනික් දෙදෙනාට පොලිස් ඇප නියම කෙරුණා.මෙම අනතුරෙන් මිය ගියේ 39 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
The post කුලියාපිටිය අනතුරට අදාළ ඩිෆෙන්ඩර් රථය පැදවූයේ පියා බවට තහවුරු වෙයි appeared first on ITN News.
Post a Comment