Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය පුළුල් කිරීමට පියවර  

Add comments

ඉන්ධන ප්‍රවාහනය වැඩි කොටසක් දුම්රිය මාර්ගයෙන් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රවාහන අමාත්‍යංශයේදී සිදු කරන ලදි.

ඒ අනුව දුම්රිය මගින් මෙතෙක් ප්‍රවාහනය කල ධාරිතාව අද සිටම වැඩි කිරීමටත්, (04) සිට කුරුණෑගල ඩිපෝව වෙනුවෙන් දෛනිකව ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීමටත්, දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට සහ අඛණ්ඩව සේවය ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පල කරන ලදි.

ඉන්ධන ප්‍රවාහනයට පෞද්ගලික අංශයට සිදු කරන වියදම් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (03)උදෑසන තොරතුරු ඉදිරිපත් කර තිබ්ණ.

ඉන්ධන ප්‍රවාහනය වෙනුවෙන් පසුගිය මාස 6 තුල පෞද්ගලික ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ වෙනුවෙන් පමණක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව දරා ඇති වියදම් සම්බන්ධයෙන් කී අමාත්‍යවරයා,
අප්‍රේල් මස එකඟ වූ මිල ගණන් අනුව මැයි මස වන විට ලක්ෂ 4889ක් වැය වනු ඇති බවට තක්සේරු කර ඇති බවත් පෞද්ගලික ටැංකි රථ කල සමස්ත ඉල්ලීමට ලක්ෂ 5541ක් වැය වනු ඇති බවටද තක්සේරු කර ඇති බවත් කීය. මෙම වියදම් අවම කිරීමට පත් වන ඕනෑම අමාත්‍යවරයෙකු දුම්රිය මගින් ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව කී අමාත්‍යවරයා , එමෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ ටැංකි බව්සර් රථ වෙනුවෙන්ද ප්‍රමුඛතාවය සහ අනිවාර්ය කිරීමේ නව ප්‍රතිපත්ති තීරණ ගත යුතු බවත් එය ඊයේ (03) සිටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් පාලන අධිකාරියට ලබා දුන් බවද පැවසීය.

The post දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය පුළුල් කිරීමට පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG