කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් ලබන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විදෙස් ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.
මෙහිදී ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අද ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයට පසුගිය පරිපාලනය වගකිවයුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. මෙහිදී මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා. ඒ සදහා මත දෙකක් පවතින බවයි ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. නීතියට අනුව එය කළ හැකි වන්නේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව තමා කිසිවක් සඳහන් නොකරන බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
මේ අතර අද අලුතින් පත් වූ වෙළෙද වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ වහාම ආහාර හිගයට පිළියම් සෙවීම සදහා කමිටුවක් පත් කරන ලෙසයි.
The post අගෝස්තුවේදී සිද්ධ වෙන්න පුළුවන් දරුණුම අර්බුදය ගැන අගමැතිගෙන් අනාවැකියක් appeared first on ITN News.
Post a Comment