Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෑස් පෝළිම් වල රැඳි නොසිටින්නැයි ලිට්‍රෝ සමාගම කියයි  

Add comments

වෙළෙද පොළට ගෑස් නිකුත් කිරීමේ දිනයක් පිළිබද දැනුවත් කිරීමට තවමත් ලිට්‍රෝ සමාගම අසමත් වී තිබෙනවා.

ගෑස් මෙටි‍්‍රක් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට ළගා වුනේ මීට දින 3 කට පෙරයි.එම නැව නිදහස් කර ගැනීමට හිඟ මුදල ලෙස ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීමට ඉතිරිව තිබෙනවා. එම මුදල ගෙවා දැමීමට තුන්වන දිනටත් ලිට්‍රෝ සමාගමට නොහැකි වී තිබෙනවා. එම නෞකාවට ප‍්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් 40,000ක පමණ මුදලක් ගෙවීමට සිදු වන බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ප‍්‍රමාද ගාස්තු ද ඇතුළුව හිග මුදල ගෙවීමට සමාගමට සිදු වන්නේ ලබන බ‍්‍රහස්පතින්දා බවයි එම සමාගම දැනුම් දෙන්නේ. අද දිනයේත් ගෑස් නිකුත් කිරීමට නොහැකි බව ඊයේ දැනුම් දුන්නා.

එවන් පසුබිමකත් ජනතාව ගෑස් ලබා ගැනීම සදහා දිගු පෝළිම් වල අද දිනයේත් රැදී සිටිනවා.කෙසේ වෙතත් සමාගම දැනුම් දෙන තුරු පෝළිම් වල රැදී නොසිටින ලෙසයි එම සමාගම  ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

මෙවන් පසුබිමක එම සමාගමේ සභාපති ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා එම ධුරයෙන් ඊයේ ඉල්ලා අස් වුණා.

The post ගෑස් පෝළිම් වල රැඳි නොසිටින්නැයි ලිට්‍රෝ සමාගම කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG