Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු ඉන්දියාවට හා බංග්ලාගදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට  

Add comments

උතුරු ඉන්දියාවට හා බංග්ලාගදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

උතුරු ඉන්දියාවට හා බංග්ලාදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුර සහ නායයාම්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.  ඉදිරි දින දෙකක කාලය තුළදී තත්වය තවත් බරපතල අතට පත්වීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවනවා. අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටින බවයි දෙරටේ සහන කණ්ඩායම් සදහන් කරන්නේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ පහත් බිම් රැසක් යටව තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් කාලගුණ අනාවැකි පළකිරීම අසීරුවී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙනවා. අවතැන් වූ හා ගංවතුරට මැදිව සිටින පුද්ගලයින්ට සහන සැපයීම සදහා ආරක්ෂක අංශ අනියුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

The post උතුරු ඉන්දියාවට හා බංග්ලාගදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG