Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝ බයිඩන් පා පැදියෙන් බිම ඇද වැටෙයි  

Add comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ පාපැදියෙන් ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය ප්‍රචාරය කළා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවාඩුව ගත කිරීම සදහා ඩෙලවෙයාර් ප්‍රදේශයේ රෙහෝබෝත් වෙරළ තීරයට පසුගියදා පැමිණ තිබුණා. එහිදී ඔහු පාපැදියෙන් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මාධ්‍යවේදීන් හා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කතාබහක නිරතවීම සදහා පාපැදිය නවත්වා ඉන් බැසීමට යාමේදීයි ජනාධිපතිවරයා ඇදවැටී ඇත්තේ. කෙසේ වුවද අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව ධවල මන්දිරය නිවේදනය කරනවා. ජනාධිපතිවරයා 45 වන විවාහ සංවත්සරය සැමරීම සදහා එම ප්‍රදේශයට පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

 

The post ජෝ බයිඩන් පා පැදියෙන් බිම ඇද වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG