Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වන අලි ප්‍රහාර වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

වන අලි ප්‍රහාර වලින් පොලොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව මහවැලි සංවර්ධන කලාපයට අයත් පහළ අඹගස්වැව මීගොල්ලෑව ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙකු තම නිවස ආසන්නයේ දී වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසනවා. තිතදරු පියෙකු වන ඔහු අලුයම 2 ට පමණ අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේයි මෙම ප්‍රහාරයට ගොදුරුවී ඇත්තේ.

මේ අතර ඥාතියෙකු අවමංගල්‍යයකට සහභාගි වී ආපසු නිවස බලා යතුරුපැදියකින් පැමිණෙමින් සිටි පුද්ගලයෙකු කන්තලේ මැදිරිගිරිය යාකෙරෙන පේරමඩුව මාර්ගයේ දී වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. කුමුදුපුර මහතලාකොලවැව පදිංචි 60 හැවිරිදි සිව්දරු පියෙකු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇති බවයි පොලීසිය පවසන්නේ. සෝමාවතිය රක්ෂතියේ සැරිසරන මෙම වන අලි නිරතුරුව ගම්වැදී ජීවිත විනාශ කරන බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් දැනට අක්‍රීයව පවතින විදුලි වැට සක්‍රීයකර තමන්ට සහන සලසා දෙන ලෙසයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

The post වන අලි ප්‍රහාර වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG