Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හාල් හිගයක් ඇතිවෙන්නේ නෑ – ඇමති අමරවීරගෙන් සහතිකයක්  

Add comments

යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙන බැවින් ඉදිරියේදී සහල් හිගයක්  ඇති නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වී අලෙවි මණ්ඩලය සතු වී තොග නිදහස් කර පාලන මිලට වඩා සහල් අඩු මුදලකට ජනතාව වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළා.

සහල් හිගයකින් තොරව වෙළදපොලට නිකුත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ සාක්ඡාවක් වී අලෙවි මණ්ඩලයේදී අද පැවැත්වුණා. එහිදී තීරණ රැසක් ගෙන තිබෙනවා. ආහාර හිගයට පිළියම් ලෙස රජය සතු වගා නොකළ සියලු ඉඩම් වගාකිරීම සදහා ලබාදීමට නියමිතයි. එම ඉඩම් ආරක්ෂක අංශවලට හා  බන්ධනාගාර රැදවූවන්ට ලබාදීමට මේ වන විට තීරණය කර තිබෙනවා. අපේක්ෂිත ප්‍රමාණයට වඩා වී වගාවට ගොවීන් යොමුව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

වීඅලෙවි මණ්ඩලය සතු වී සහල් බවට පත් කර පාලන මිලට වඩා අඩු මිලට පාරිභෝගිකයින්ට ලබාදීමට සැළසුමක් සකස් කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් 5 සහ  10 ප්‍රමාණයේ සහල් මලු ලබාදීමේ වැඩපිළිවෙලක් ඊට ඇතුළත්.

ඉදිරි වගාවන් සදහා පොහොර ලබාදීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය දැනුවත් කළා.

මේ අතර යල කන්නයේ අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීම පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ වුණා. රොට්ටේ ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අස්වනුයි මෙලෙස නෙලීම ආරම්භ  කර තිබෙනවා.

සේනානායක සමුද්‍රයේ ජලයෙන්  වගා කළ අක්කරේපත්තුව ප්‍රදේශයේ ද අස්වනු ඉදිරියේදී නෙලීමට නියමිත බවයි ගොවින් සදහන් කළේ.

යළ කන්නයේ අස්වැන්න නෙලනවා. හාල් හිගයක් ඇතිවෙන්නේ නෑ. ඇමති අමරවීරගෙන් සහතිකයක්.

The post හාල් හිගයක් ඇතිවෙන්නේ නෑ – ඇමති අමරවීරගෙන් සහතිකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG