Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝ වැසියන්ගේ පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව ස්පාඥ්ඥ විශේෂඥයෙක් පවසයි  

Add comments

චීන කරුණු පිළිබඳ ස්පාඥ්ඥ විශේෂඥ Xulio Rios මහතා මෑතකදී චීනය, වර්ධනය හා ගෝලීය ආරක්ෂාව නමින් ලිපියක් පළ කරමින් චීනය ඉදිරිපත් කරන ගෝලීය ආරක්ෂක යෝජනාව ගෝලීය
ආරක්ෂාව යහපත් කිරීමට උපකාරී වන බව සඳහන් කළේය. ගෝලීය ආරක්ෂක යෝජනාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය අප්‍රේල් මස බෝ ඖ ආසියානු සාකච්ඡා සභාවට ඉදිරිපත් කර තිබේ. සීතල යුධ සංකල්පය අතහැරීම, සහයෝගිතා සහිත තිරසර ආරක්ෂක සංකල්පයට මුලපුරීම, සංවාද ඔස්සේ රටවල් අතර මතභේද හා ගැටුම් විසඳීම ෂී ජින් පිං මහතා එහිදී යෝජනා කළේය. චීනය‍ට සංවර්ධනය, ස්ථාවරත්වය, ප්‍රගතිය සහ සාමය වැදගත් සාධකයකි. සංවර්ධනය ආරක්ෂාවේ අනෙක් පැත්ත බව එම ලිපියේ සඳහන් විය.

චීනය සංවර්ධනයට ගෝලීය ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු වල බලපෑම අවබෝධ කර ගනිමින්, චීන- ඇමරිකා මත ගැටුම් උග්‍ර වුවහොත් ඉදිරි වසර කිහිපය තුළ තත්ත්වය අතිශයින් බරපතල වීම
පිළිබඳ චීනය කනස්සල්ල දක්වයි. ඒ වෙනුවෙන් චීනය පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාව යන සංකල්පය ඉදිරිපත් කළේය. වර්තමානයේ, මෙම සංකල්පය චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට එක් වී ඇති අතර සංවර්ධනය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ලෝ වැසියන් ගේ පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව Xulio Rios මහතා
එම ලිපියේ සඳහන් කළේය.

The post ලෝ වැසියන්ගේ පොදු ප්‍රතිලාභ ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව ස්පාඥ්ඥ විශේෂඥයෙක් පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG