Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්  

Add comments

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුනු 26 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් හා නායක දසුන් චානක ලකුණු 34ක් රැස් කළා. ශ්‍රී ලංකාව පන්දුවාර 47යි පන්දු 4 කදී කඩුළු 9 ක් දැවී ලකුණු 220 ක් රැස්කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා. පැය 2කට පමණ කාලයකට පසුව තරගය යළි ආරම්භ කළ අතර එහිදී ඩක්වත්ලුවිස් න්‍යායයට අනුව පන්දුවා 43කදී ලකුණු 216 ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට හිමිවුණා. කෙසේ වුවද පන්දුවාර 37යි එක් පන්දුවකදී ලකුණු 189 කට ඕස්ට්‍රේලියා ඉනිම සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. තරග 5කින් සමන්විත දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය එකට එකක් ලෙස මේ වන විට සම තත්ත්වයේ පවතිනවා.

 

 

 

The post ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG