Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෑස් බෙදීම අදත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන ගිවිසුම ලබන අගහරුවාදා  

Add comments

අද දිනයේදීත් ගෑස් නිකුත් කෙරෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. ඉදිරියේදී ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුම් කටයුතු ලබන අගහරුවාදා වන විට අවසන් කරන බව එම සමාගම සඳහන් කළා.

කැබිනට් තීරණයකට අනුව ඉදිරි මාස හතරක් සඳහා මෙලෙස ගෑස් ඇනවුම් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලාෆ් ගෑස් සමාගම කොටගල ප්‍රදේශයට ගෑස් නිකුත් කිරීමට කටයුතු කළා. ගෘහස්ථ ගෑස් සිලින්ඩර 950 ක් එලෙස නිකුත් කිරීමට පියවර ගත්තද කොටගල, හැටන්, දිඹුලපතන, තලවකැලේ ආදී ප්‍රදේශවල පාරිභෝගිකයින් දෙදහසකට අධික පිරිසක් පෝලිම්වල රැදී සිටියා.

 

 

 

The post ගෑස් බෙදීම අදත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්වන ගිවිසුම ලබන අගහරුවාදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG