Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙයි  

Add comments

උතුරු කොරියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අවම වී තිබෙනවා.

ගතවූ පැය 24 ට උතුරු කොරියාවෙන් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 19,320 ක්. ඒ සමගම එරට සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හය ලක්ෂ විසිඑක්දහස් එකසිය දහය දක්වා ඉහළ ගියා. කෙසේ වුවද දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව පහළ යාමත් සමග උතුරු කොරියාවේ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පලකරනවා. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කරන්නේ. පසුගිය මැයි මාසයේ දී උතුරු කොරියාවෙන් පළමු වයිරස ආසාදිතයා හමුවූ අතර එතෙක් වයිරස ව්‍යාප්තිය සාර්ථකව මැඩපැවැත්වූ රටක් ලෙස උතුරු කොරියාව හැදින්වූවා.

මේ අතර වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය වයිරසයට එරෙහි එන්නත් ඇතුළු අනෙකුත් උපකාර උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

 

The post උතුරු කොරියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG