පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් දැඩි අසනීප තත්ත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
78 හැවිරිදි වියේ පසුවන පර්වේස් මුෂාරෆ් මේ වන විට ජීවත්වන්නේ ඩුබායි නගරයේයි. ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයකින් පසුවන අතර ජීවිතය බේරා ගැනීමට ඇත්තේ ඉතා අඩු ඉඩක් බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා. සති තුනකට ආසන්න කාලයක් මුෂාරෆ් රෝහල්ගතව සිටින බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. 1999 වසරේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් පාකිස්ථානයේ බලය ලබා ගැනීමට මුෂාරෆ් කටුයුතු කළා. තරු 4 ජනරාල්වරයෙකු වන ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය සමග සමීප සම්බන්ධයක් ගොඩනගා ගනිමින් පාකිස්ථානය පාලන කිරීමට සමත් වුණා.
The post පාකිස්ථානයේ හිටපු ජනාධිපති මුෂාරෆ් දැඩි අසනීප තත්ත්වයෙන් appeared first on ITN News.
Post a Comment