Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන බන්ධනාගාරයට ගෙනියන්න තැත් කළ අයෙකු අත්අඩංගුවට  

Add comments

කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන සූක්ෂම ලෙස රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු කළුතර කලහමුල්ල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවකු වනු ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපියදී සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය ඔහු පරික්ෂාවට ලක් කළා.

එහිදී දෙපාවල සූක්ෂම ලෙස සගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 6 ක් කේරල ගංජා සහ දුම්කොල මෙන්ම ජංගම දුරකතන දෙකක් ද සොයා ගැනුණා.

සැකකරු එම ජංගම දුරකතන හා මත්ද්‍රව්‍ය කළුතර බන්ධනාගාර භාරයේ රදවා සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලබාදීම සදහා රැගෙනවිත් ඇති බවයි මූලික පරික්ෂණවලදී හෙලි වුණේ.

The post මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන බන්ධනාගාරයට ගෙනියන්න තැත් කළ අයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG