Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි  

Add comments

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ  ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දීමට නියමිතයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමෙන් අනතුරුවයි ඔහු මෙසේ දිවුරුම්දීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම්දීමට නියමිතයි. ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහායි ධම්මික පෙරේරා මහතා පත් කිරීමට තීරණය කෙරුණේ. මේ අතර මෙම සතියේ අද දිනයේදී පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා. යළි පාර්ලිමේන්තුව රැස්වන්නේ ජුලි මස 4 වන සදුදායි.

 

The post ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG