Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එකමුතුවෙන් යුත්, සාධාරණ, සමබර, පුළුල් වාසි සහගත ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වය පොදුවේ ගොඩනැංවිය යුතු යැයි චීන ජනපති කියයි  

Add comments

ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) වීඩියෝ ආකාරයෙන් ආරම්භ විය. “නව යුගයේ ගෝලීය සංවර්ධනයේ හවුල්කාරී සබඳතා ගොඩනගා තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අත්වැල් බැඳ ගැනීම”එහි ප්‍රධාන තේමාව යි. බ්‍රික්ස් රටවල රාජ්‍යනායකයෝ සහ අදාළ නව වෙළඳපළ රටවල හා සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයෝ ඊට එක් ව සිටිති. ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් පැවැත්වීය.

මෙය අභියෝගවලින් සහ බලාපොරොත්තුවලින් පිරුණු යුගයක් බව පැවසූ ෂී ජින් පිං මහතා ලෝක සංවර්ධනයේ ප්‍රවණතාව හඳුනාගෙන, විශ්වාසය ශක්තිමත් කරගනිමින්, එක්ව ක්‍රියා කළ යුතුයැයි පැවසීය. ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් එක්ව ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සමබර, සම්බන්ධීකරණ, මෙන්ම ජයග්‍රාහී සහයෝගීතාව සහ පොදු සමෘද්ධිය පදනම් කර ගත් සංවර්ධන රටාව නිර්මාණය කළ යුතුයැයි පෙන්වා දුන්නේය.විවිධ රටවල ජනතාව යහපත් ජීවිතයක් ගත කළහොත් පමණක් සමෘද්ධිය තිරසර ලෙස පවතින අතර ආරක්ෂාව සහතික කළ හැකි අතර මානව හිමිකම්වලට පදනමක් ඇති විය හැකි බව ෂී ජින් පිං
මහතා පෙන්වා දී තිබේ.සංවර්ධිත රටවල් සිය වගකීම් හා යුතුකම් සාක්ෂාත් කරගත යුතු ය. එසේම, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා තහවුරු කළ යුතු ය.

එකමුතුවෙන් යුත්, සාධාරණ, සමබර, පුළුල් වාසි සහගත ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වය පොදුවේ ගොඩනැංවිය යුතු ය. එහිදී කිසිදු රටක් හෝ කිසිදු පුද්ගලයෙකු බැහැර නොකළ යුතු ය. චීනය ගෝලීය සංවර්ධන සහයෝගිතා සඳහා වන සම්පත් පුළුල් කරනු ඇති බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. ප්‍රායෝගික පියවර යොදා ගනිමින්, එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට අඛණ්ඩ ව සහායක් දක්වනු ඇති බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post එකමුතුවෙන් යුත්, සාධාරණ, සමබර, පුළුල් වාසි සහගත ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වය පොදුවේ ගොඩනැංවිය යුතු යැයි චීන ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG