Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තඹුත්තේගම ඉන්ධන පිරවුම්හල අසල නොසන්සුන් – යුද හමුදාව කැඳවයි  

Add comments

දින 6 කට පසු තඹුත්තේගම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සදහා යුද හමුදාවද කැදවීමට සිදු වුණා.

තඹුත්තේගම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීම සදහා ජනතාව දින ගණනාවක සිට පෝලිම්වල රැදී සිටියා. මෙම පිරවුම්හලට ඉන්ධන ලැබීමත් සමග සෞඛ්‍ය කාර්ය මන්ඩලවලට පමණක් එයින් ඉන්ධන නිකුත් කරන බව ප්‍රකාශ කිරීමත් සමගයි ගැටුම්කාරී තත්ත්වය හට ගැනුණේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සදහා තඹුත්තේගම පොලිසිය මෙන්ම කළුන්දෑගම යුද හමුදා කදවුරේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවා. ඒ අනුව සෞඛ්‍ය සේවකයන්ට හා සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබාදීමට ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ක්‍රියා කෙරුණා.

 

The post තඹුත්තේගම ඉන්ධන පිරවුම්හල අසල නොසන්සුන් – යුද හමුදාව කැඳවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG