Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන සතියේ පාසල් පැවත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  

Add comments

බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් එළබෙන සඳුදා දිනයේ සිට ආරමිභ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය නිසා ඇති වී තිබෙන පොදු ප්‍රවාහනයේ ගැටලු හේතුවෙන් බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් සඳහා පසුගිය20 වනදා සිට 24 දක්වා පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා. කෙසේ වෙතත් පාසල් දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද පැවැත්වෙනවා. එහිදී ඉදිරි සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිතයි.

 

 

The post ලබන සතියේ පාසල් පැවත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG