Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැළණි ගගට විසිකළ දරුවාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් වයික්කාල වෙරළට  

Add comments

පසුගිය 15 වනදා කැළණි ගගට විසිකළ දරුවාගේ බවට සැක කළ හැකි සිරුරක් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

වත්තල කදිරාන පාලම මතින් කැළණි ගගට දරුවෙකු විසිකළ මවක පිළිබද වාර්තා වුණා. අනතුරුව එම මවද කැළණිගගට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එය වළක්වා තිබෙනවා. කැළණිගගට විසිකළ මෙම දරුවාගේ වයස අවුරුදු 5ක් පමණ වන අතර එවැනි වයසක පසුවන දරුවෙකුයි වයික්කාල ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත්තේ. මුහුදේ පාවී වෙරළට ගොඩගසා ඇති මෙම සිරුර මේ වන විට මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

 

 

 

 

The post කැළණි ගගට විසිකළ දරුවාගේ බවට සැක කෙරෙන මළ සිරුරක් වයික්කාල වෙරළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG