Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක ආහාර හා ඉන්ධන අර්බුදයට වගකිවයුත්තේ ඇමෙරිකාවයි, යුරෝපයයි – පුටින්ගෙන් චෝදනා  

Add comments

වත්මන් ලෝක ආහාර අර්බුදය සහ ඉන්ධන අර්බුදයට වග කිවයුත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය බව රුසියා ජනාධිපතිවරයා චෝදනා කරනවා.

රුසියා ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ශාන්ත පීටර්ස් බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය අමතමින්. බටහිර රටවල් බුද්ධිමත් සහ නව ආකාරයෙන් යටත්විජිතවාදය ව්‍යාප්ත කරන බවයි ඔහු චෝදනා කරන්නේ. ඔවුන් විසින් වෙළෙද හිඟයන් සහ මානුෂීය ව්‍යවසනයන් ඇති කරන බවත් තම රටට එරෙහිව සම්බාධක පනවන බවත් පුටින් වැඩිදුරටත් කියා සිටිනවා. විශේෂයෙන්ම රුසියාවට පොහොර අපනයනයට බාධා ඇතිවීම හේතුවෙන් භෝග අස්වැන්න අඩුවීම නිසා ඉදිරියේදී ආහාර අර්බුදය තවදුරටත් වැඩිවිය හැකි බවයි පුටින් කියා සිටින්නේ. මෙය රුසියාවේ වරදක් නොවන බවත් බටහිර කොල්ලකාරී යටත්විජිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

 

 

 

The post ලෝක ආහාර හා ඉන්ධන අර්බුදයට වගකිවයුත්තේ ඇමෙරිකාවයි, යුරෝපයයි – පුටින්ගෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG