Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හක්ක පටස් කා සුනඛයන් දෙදෙනෙකු මිය යයි  

Add comments

හක්කපටස් කෑම නිසා සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන්නේ අලි ඇතුන් මිය යන පුවත්. හක්ක පටස් කා සුනඛයන් දෙදෙනෙකු මියගිය පුවතක් බදුල්ල දෙමෝදර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සතුන් දඩයම් කිරීම සදහා යොදන හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මුඛය පුපුරා සුනඛයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. හක්ක පටස් භාවිත කර වන සතුන් දඩයම් කිරීම දෙමෝදර නෙදර්විල ප්‍රදේශයේ නිරන්තරයෙන්ම සිදු වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඊයේ දිනයේදී මෙලෙස හක්කපටස් කෑමෙන් සුනඛයන් දෙදෙනෙකු මිය ගියා.

මෙම ප්‍රදේශයට ආසන්නව ක්‍රීඩා පිටියක්ද පවතින අතර දරුවන් සෙල්ලම් කරන අතරතුර විසිවන බෝල ඇහිදීමට කැළයට යන බැවින් මෙය ඉතාමත් අවදානම් සහිත බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙම නීතිවිරෝධී ජාවාරම නැවැත්වීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවද ඔවුන් සදහන් කරනවා.

 

 

The post හක්ක පටස් කා සුනඛයන් දෙදෙනෙකු මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG