සුනාමි පෙරහුරු වැඩසටහනක් අද පෙරවරු 11.30 සිට 12.15 දක්වා පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර තිබෙනවා.
සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය වාර්ෂිකව පරික්ෂා කිරීමේ වැඩසටහන යටතේයි එය සිදු කෙරෙන්නේ. ජාතික මට්ටමේ අනුබද්ධ ආයතනවල සහ වෙරළබඩ ප්‍රදේශවල පිහිටුවා ඇති සන්නිවේදන මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සිදු කෙරෙන අතර ජනතාව ඉවත් කිරීමක් සිදු නොකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
The post සුනාමි පෙරහුරු වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment