පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවුණා.
එයාර් කොමදෝරු අක්තාර් ඉම්රාන් සද්දොසායි මහතාගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස ආරක්ෂක ලේකම්වරයා හමුවුණේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදීයි. සුහද කතාබහක නිරත වීමෙන් පසු සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවුණා.
මේ අතර පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දූත පිරිස නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා ද හමුවුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්ය භාරය සම්බන්ධයෙන් යෝජිත පිරිස දැනුවත් කිරීමේ දේශනයක් ද පැවැත්වුණා.
The post පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් හමුවෙයි appeared first on ITN News.
Post a Comment