රුසියා යුක්රේන ගැටුම්වලින් මිය ගිය දෙපාර්ශ්වයේම 160 දෙනෙකුගේ සිරුරු හුවමාරු කරගෙන තිබෙනවා.
යුක්රේනයේ ප්රධාන ගිනිකොන දිග වරාය නගරයක් වන මරියුපෝල් ආරක්ෂා කිරීම සඳහා පිටත්ව ගිය යුක්රේන සටන්කරුවන්ගේ සහ රුසියා හමුදා සොල්දාදුවන් පිරිසකගේ සිරුරුයි මෙලෙස හුවමාරු කර ගත්තේ. මරියුපෝල් අල්ලාගත් ගැටුමෙන් මිය ගිය දහසකගේ පමණ සිරුරු මේ දක්වා හුවමාරු කරගෙන ඇති බවද සඳහන්.මේ වන විටත් රුසියා හමුදා යුක්රේනයේ ප්රධාන නගර කිහිපයක් ඉලක්ක කරගනිමින් ප්රහාර එල්ල කරමින් සිටිනවා.
The post රුසියා යුක්රේන ගැටුම්වලින් මියගිය දෙපාර්ශ්වයේම 160 දෙනෙකුගේ සිරුරු හුවමාරු කරගනී appeared first on ITN News.
Post a Comment