Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුරැස්ස ඝාතනය : ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට  

Add comments

අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිබ්බටුවාව ප්‍රදේශයේදී 70 හැවිරිදි පුද්ගලයෙකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන්  පලා ගොස් තිබෙනවා. අකුරැස්ස පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ දේවාලයක් පවත්වාගෙන ගිය බවටයි පොලිස් පරික්ෂණවලදී හෙලි වුණේ. සැකකරු ඝාතනයට ලක් කළ පුද්ගලයාගේ හිස නිල්වලා ගගට දමා ඇති  බවට ද මූලික විමර්ශනවලින් හෙළි වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

 

 

 

The post අකුරැස්ස ඝාතනය : ප්‍රධාන සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG