Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගොං පොර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

කොලොම්බියාවේ ගොං පොර තරඟයක් පැවති ස්ථානයක ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැව යොදා ගනිමින් සාදා නිමකළ තට්ටු තුනක ගොඩනැගිල්ලකුයි මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ.

කොලොම්බියාවේ ගොං පොර තරග සාම්ප්‍රදායික් ක්‍රීඩාවක් වන අතර එම තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ද තරගයට සහභාගිවීමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වුවද එරට ජනාධිපති ධුරය සදහා තේරී පත්වූ නව ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ බලධාරීන්ට දැනුම්දී ඇත්තේ මෙවැනි තරග තහනම් කරන ලෙසයි.

මිනිස් හා සත්ත්ව ජීවිත බිලිගන්නා මෙම තරග පැවැත්වීමට අවසර ලබානොදෙන ලෙස කොලොම්බියා නගරාධිපතිවරුන්ට ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

 

 

The post ගොං පොර ප්‍රේක්ෂකාගාරයක් කඩා වැටීමෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG