චීනය ශ්‍රී ලාංකික සිසුන්ට වියළි ආහාර මලු පරිත්‍යාග කරයි. දිළිඳුකම පිටුදැකීමේ චීන පදනම පසුගියදා දිළිඳු ලාංකික සිසුන් 1150 දෙනෙකුට වියළි ආහාර මලු ප්‍රදානය කළේය.ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා කොළඹ පැවති එම උත්සවයට එක්විය.
චීන-ශ්‍රීලංකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කරගතවූ වසර 65තුළ දෙරට සැම විටම දුක සැප දෙකෙහි රැඳීසිට එකිනෙකාට සහය ලබාදී ඇතැයි ඔහු එහිදී කියා සිටියේය. ශ්‍රීලංකාව දැනට මුහුණදී සිටින දුෂ්කරතා සලකා බලා, හදිසි මානුෂීය සහනාධාර ලබාදීමට චීන රජය තීරණය කර ඇති බවද චීන තානාපතිවරයා සඳහන් කළේය.
The post ශ්‍රී ලාංකික සිසුන්ට චීනයෙන් වියළි ආහාර appeared first on ITN News.
Post a Comment