රුසියාව එල්ලකළ ප්‍රහාර හේතුවෙන් සෙවෙරෝඩෙනේට්ස්ක් ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක් විනාශයට පත්ව ඇති බව යුක්‍රේනය නිවේදනය කරනවා.
සෙවෙරෝඩෙනේට්ස්ක් ප්‍රදේශයේ මේ වන විට දරුණු ගැටුම් හටගෙන ඇති අතර රුසියාව එල්ලකළ ෂෙල් ප්‍රහාර හේතුවෙනුයි රසායනික කර්මාන්ත ශාලාවට හානි සිදුව ඇත්තේ. ඒ සමඟම කර්මාන්ත ශාලාවෙන් ඉන්ධන ටොන් ගණනක් කාන්දු වී ඇති බවද සඳහන්. එමෙන්ම එම කර්මාන්ත ශාලාව තුළ සිවිල් වැසියන් 800 දෙනෙකු පමණ රැදී සිටින බවද යුක්‍රේන මාධ්‍ය සඳහන් කරනවා. කෙසේ වුවද රුසියාව සඳහන් කරන්නේ එම කර්මාන්ත ශාලාව යුක්‍රේන හමුදාව පුපුරුවා හැර ඇති බවයි. රුසියාව යුක්‍රේනය තුළ යුද මෙහෙයුම් ආරම්භ කර මාස තුනක් ඉක්ම ගොස් ඇති අතර මේ වන විට ලුහාන්ස්ක් හා ඩොනේට්ස්ක් ප්‍රදේශ අත්පත් කර ගැනීම සඳහා ඩොන්බාස්ක් ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් දැඩි කර තිබෙනවා.
The post රුසියා ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ රසායනික කර්මාන්ත ශාලාවක් විනාශවෙයි appeared first on ITN News.
Post a Comment