Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඇමෙරිකාවේ මිසූරි ප්‍රදේශයේ දී දුම්රියක් හා ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරට දුම්රියේ ගමන් කළ මගීන් දෙදෙනෙකු හා ට්‍රක් රථයේ ගමන් කළ එක් අයෙක් ඇතුළත්. අනතුරෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය මගීන් 243 දෙනෙකු එහි සිට තිබෙනවා. ලොස් ඇන්ජලීස් සිට චිකාගෝ දක්වා මෙම දුම්රිය ගමන් කර තිබෙනවා. ට්‍රක් රථයේ ගැටීමත් සමග දුම්රිය මැදිරි පීලි පැනීමට ලක්ව ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

 

 

The post ඇමෙරිකාවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG