Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට  

Add comments

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව බෙප්පන්කුගම ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක සඟවා තිබූ ඩීසල් ලීටර් 3000 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වවුනියාව පොලීසිය සමත් වුණා.විශේෂ පොලිස් ඒකකයට ලැබුණ තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ඇසුරුම් 15 ක තිබූ මෙමඩීසල් ලීටර් 3000 සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කෙරුණා.

ඇතිමලේ හැත්තෑව හන්දියේදී සැකකරුවෙකු අත්අංගුවට ගැනුනේ පෙට්‍රල් ලීටර් 1220 ක් ද සමගයි. මොහු නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටින බවට ලැබුන තොරතුරකට අනුව ඇතිමලේ පොලීසිය වැටලීම සිදු කළා. සැකකරු අද දින සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ගෙන සිටි තවත් පුද්ගලයෙකු සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා. ඒ ඩීසල් ලීටර් 460 ක්  සමගයි. ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසය පවසන්නේ.

ඩීසල් ලීටර් 60 ක් සමඟ තවත් අයෙකු අත්අඩංගුවට ගැනුනේ පස්සර ප්‍රදේශයේදීයී. ඔහුට අද දින පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

වැල්ලවාය රන්දෙණිය ප්‍රදේශයේ කළ වැටලීමකදී ඩීසල් ලීටර් 680 ක් සහ පෙට්‍රල් ලීටර් 25 ක් සගවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා. වැඩි මිලට අලෙවි කිරීමට ඉන්ධන තොග ගබඩා කර ඇති බවටයි හෙළි වුණේ. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG