Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ටෙක්සාස්හි ලොරියක් ඇතුළේ සරණාගතයින් 46 කගේ මළ සිරුරු  

Add comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ලොරි රථයක් තුළ තිබූ මළ සිරුරු රැසක් සොයා ගැනීමට පොලීසිය සමත්වුණා.

එම ලොරි රථය තුළ තිබී මළ සිරුරු 46 ක් පමණ සොයාගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඇමෙරිකා මොක්සිකෝ දේශසීමා හරහා ඇමෙරිකාවට සංක්‍රමණය වූ පිරිසක් ලෙස එම කණ්ඩායම හඳුනාගෙන තිබෙනවා. එම ලොරි රථය තුළ සිටි පුද්ගලයින් 16 දෙනෙකු රෝහල් ගතකළ බවයි බලධාරීන් සඳහන් කරන්නේ. එම පිරිස අතරට කුඩා ළමුන් 4 දෙනෙකු ද ඇතුළත්. අධික උෂ්ණත්වය හා ශ්වසන අපහසුතා හේතුවෙන් ඔවුන් පීඩා විදින බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ. එම ප්‍රදේශය හරහා මිනිස් ජාවාරම්කරුවන් මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණිකයින් නිරන්තරයෙන් රැගෙන එන බව ආරක්ෂක අංශ පෙන්වා දෙනවා. සැන් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් අසල එම ලොරි රථය අතහැර දමා තිබියදී සොයාගෙන ඇති අතර ඒ තුළ වායුසමීකරණ හෝ ජලය තිබී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

 

The post ඇමෙරිකාවේ ටෙක්සාස්හි ලොරියක් ඇතුළේ සරණාගතයින් 46 කගේ මළ සිරුරු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG