Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ගිනි අවි පාලන පනතට ජෝ බයිඩන් අත්සන් තබයි  

Add comments

ඇමෙරිකාවේ ගිනි අවි පාලන පනතට එරට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තබා තිබෙනවා.

මේ නිසා ඇමෙරිකාව තුළ ගිනි අවි භාවිතය පාලනයවීම නීතිගත වී තිබෙනවා. මේ හේතුවෙන් මෙතෙක්කල් ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ තිබූ ලිහිල්භාවය ඉවත්ව යනවා. තර්ජනයක් බවට සැලකෙන පුද්ගලයින්ට ගිනි අවි ලබාගැනීම වැළැක්වීම ඇතුළු කාරණා මෙයට ඇතුළත්. පසුගිය මැයි මාසයේ දී නිවුයෝර්ක් නගරයේ සුපිරි වෙළෙදසැලක සහ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීම්වලින් 31 දෙනෙකු මියයාම මෙම ගිනි අවි පාලනය නීතිගත කිරීමට හේතුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ජෝ බයිඩන් සදහන් කරන්නේ මෙම පනත් කෙටුම්පත තමන්ට අවශ්‍ය සියලුම දේ නොකලත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සදහා තමන් විසින් ඉල්ලා සිටි ක්‍රියාමාර්ග බොහොමයක් ඇතුළත් බවයි.

 

 

 

 

 

The post ඇමෙරිකාවේ ගිනි අවි පාලන පනතට ජෝ බයිඩන් අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG