Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අගවන්නේ. ගුජරාට් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේදී අධික වැසි ඇති විය හැකි අතර එය ඉදිරි දින 05 ක කාලය සදහා බලපානු ඇති බවට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයින් 9000 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර  ගෙන ඇත්තේ. එමෙන්ම පුද්ගලයින් 468 දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා. එම ප්‍රදේශයට පසුගිය පැය 24 තුළදී මිලිමීටර් 219 ඉක්ම වූ වැසි ලැබුණා. පාසල් හා කඩ සාප්පු වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.පසුගිය මාසය තුළදී ගුජරාට් ප්‍රාන්තවය බලපෑ අයහපත් කාගුණයෙන් පුද්ගලයින් 63 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සදහන්.

 

 

 

The post ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂාවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG