බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමඟ සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයට ලක්ව සිටිනවා.
බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.2 දක්වා ඉහළ ගොස් තිබූ අතර එය අද දිනයේදී සෙල්සියස් අංශක 34 දක්වා ඉහළ යා හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අගවන්නේ. අධික උෂ්ණත්වය සමඟ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එය ලබන සතිය දක්වා බලපැවැත්වෙනු ඇති. දකුණු මධ්‍යම හා නැගෙනහිර බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ රැසක තත්ත්වය ඉදිරියේදී භයානක විය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. මේ අතර කේම්බ්‍රිජ්ෂෙයාර් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 දක්වා ඉහළ ගොස් ඇති බවයි නිල නොවන වාර්තා දක්වන්නේ. එමෙන්ම අධික උෂ්ණත්වයත් සමග දුම්රිය මාර්ග කිහිපයක හට ගත් ගිනිගැනීම් පිලිබදව ද වාර්තා වනවා.
The post බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළට appeared first on ITN News.
Post a Comment