බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පලායාමට සූදානමින් සිටි පුද්ගලයින් 17 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරාවුර් පොලිස් වසමේ පුන්නකුඩි මුහුදු තීරයේ සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කදවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ. වයස අවුරුදු 29 ක කාන්තාවක් හා තවත් පුද්ගලයින් 16 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගැණුනු අතර ජාවාරම මෙහෙයවූ පුද්ගලයා ද ඒ අතර වනවා. මොවුන් යාපනය, මුලතිව්, වව්නියාව හා කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා එරාවුර් පොලිස් ස්ථානය වෙත භාරදීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත්තේ.
The post බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින්ද හැදූ 17 ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment