පාර්ලිමේන්තුව අද පෙරවරු දහයට රැස්වෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සහ පවතින පුරප්පාඩුව පිළිබද දැනුම්දීම සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේ පාර්ලිමේන්තුව කැදවා තිබෙනවා.
නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ලබන 20 වනදා සිදුවනවා. සියලු මන්ත්‍රීවරුන්ට අද පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන ලෙසට කතානායකවරයා දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තුවක් තුළින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා දෙවන අවස්ථාව මෙයයි. රණසිංහ ප්‍රේමදාස මහතා මියගිය අවස්ථාවේදී මීට පෙර මේ අයුරින් පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු වුණා.
එහිදී ඩී බී විජේතුංග මහතා, රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඉතිරි ධූර කාලය සදහා පාර්ලිමේන්තුව තුළින් තෝරා පත් කර ගත්තා. අද දිනයේ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වෙන බැවින් පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
The post පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වෙයි appeared first on ITN News.
Post a Comment