Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හයිටි රාජ්‍යයට ආයුධ අලෙවි කිරීම තහනම් කරයි  

Add comments

මේ වන විට භීෂණකාරී තත්ත්වයන් වර්ධනය වෙමින් තිබෙන හයිටි රාජ්‍යයට අවි ආයුධ අලෙවි කිරීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතික තීන්දුවක් ගෙන තිබෙනවා.

කණ්ඩායම් වශයෙන් භීෂණකාරී ක්‍රියාවල නිරතවීම පසුගිය දින කිහිපය තුලදී හයිටි රාජ්‍යය තුළ උත්සන්න වුණා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කළ නව නියෝගයට අනුව සුළු ගිනි අවි, මූනිස්සම් ඇතුළු පුළුල් පරාසයක් තුළ ගිනි අවි තහනමක් ක්‍රියාත්මක වනු ඇති.

පසුගිය සතියේදී හයිටි රාජ්‍යයේ සිදු වූ ගැටුම්වලින් පුද්ගලයන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මානුෂීය ආධාර සපයන සංවිධානවලට පවා හයිටි රාජ්‍යයට ඇතුළුවීමට නොහැකි වන ආකාරයේ බිහිසුනු තත්ත්වයක් පවතින බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

 

 

The post එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හයිටි රාජ්‍යයට ආයුධ අලෙවි කිරීම තහනම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG