Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජමාල් කෂෝගිගේ ඝාතනය ගැන ඇමෙරිකා ජනපති සවුදි කුමරුගෙන් අසයි  

Add comments

සවුදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් හමු වූ අවස්ථාවේදී තමන් ජනමාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය පිළිබද විමසා සිටිය බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරයේ කොටසක් ලෙස ඔහු මේ වන විට සවුදි අරාබියට පැමිණ සිටිනවා. සවුදි අරාබිය සහ ඇමෙරිකාව අතර පසුගිය කාලය තුලදී ඇති වූ අනවබෝධය තුරන් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපතිවරයා එරට සංචාරය කරන බවයි ධවල මන්දිරය සදහන් කළේ.

ජමාල් කෂෝගි ඝාතනයත් සමග සවුදි අරාබිය ජාත්‍යන්තර දේශපාලනය තුළ හුදකලා තත්ත්වයට පත් වුණා. මෙම ඝාතනයට ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවටයි චෝදනා එල්ල වුණේ. ජෝ බයිඩ්න් සවුදි සංචාරය තුලදී බලශක්ති සහ ඛනිජ තෙල් ක්ෂේත්‍රය පිළිබදවද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

 

The post ජමාල් කෂෝගිගේ ඝාතනය ගැන ඇමෙරිකා ජනපති සවුදි කුමරුගෙන් අසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG