Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩිසල් හා පෙට්‍රල් හිඟයකින් තොරව ලබාදීමට සූදානම් – ඛණිජතෙල් සංස්ථාව  

Add comments

ඉදිරියේදී ඩිසල් හා පෙට්‍රල් තොග කිසිඳු හිඟයකින් තොරව ලබාදීමට තමන් සූදානම් බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණියා.ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් රැගත් තවත් නෞකා දෙකක් අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි.

අනිද්දා දිනයේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 41000 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙනවා. ඉන්ධන කඩිනමින් ගොබෑම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඩීසල් නැව් දෙකක් සඳහා මේ වන විට මුදල් ගෙවා අවසන් කර ඇති අතර ඉතිරි නැව් සඳහා ගොඩබෑමට පෙර මුදල් ගෙවීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබෙනවා.  පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක්ද අනිද්දා දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිතයි. ඒ සඳහා 30% ක මුදලක් මේ වන විටත් ගෙවා අවසන්. ඉතිරි මුදල ගෙවීම සඳහාද කටයුතු සූදානම් කර තිබෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ තවත් පෙට්‍රල් ටොන් 35000 ක ප්‍රමාණයක් ලබන 22 වනදා හෝ 23 වනදා ලැබෙන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ සඳහා ද සම්පූර්ණ මුදල් ගෙවා අවසන්. එමෙන් දැවිතෙල් මෙට්‍රික් ටොන් 31500 ක් රැගත් නෞකාවක් ලබන 21 වනදා කොළඹ වරායට ලගාවීමට නියමිතයි. ඒ සඳහා ද  අවශ්‍ය මුදල් ගෙවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අනුව රටතුළ ඉදිරි සතිය වන විට ඩීසල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ 24,000 ක්ද පෙට්‍රල් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක තොගයක සංචිත ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතු වනවා. සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් මෙට්‍රික්ටොන් 90000 ක් රැගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සදහා කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍යසේවාවලට පමණක් ඩීසල් නිකුත් කිරීමට ගෙන ඇති තිරණය ඉදිරි සතිය තුළදී ඩීසල් තොග ලැබීමත් සමඟ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි ඛණිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන් ඇතුළු සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල නිරත වන්නන් මෙන්ම තවත් අංශ කිහිපයකටම ඩීසල් සැපයීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබෙනවා. ලියාපදිංචි අපනයනකරුවන්, සංචාරක සේවා සපයන්නන් , බලපත්‍රලාභී විදුලි සංදේශ සේවා සපන්නන්  සහ විදුලි උත්පාදන සමාගම්වලට ඩීසල් සැපයීම අරමුණු කරගනිමින් ඔවුන් ලියාපදිංචි කිරීමට ලංකා අයිඕසී සමාගම සැලසුම් කර අවසන්. මීට අදාළව කොන්දේසි කිහිපයක් එම සමාගම ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය යලි ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව මීට පෙර ක්‍රියාත්මක කර තාවකාලිකව අත්හිටවූ ක්‍රම වේදයටම ඉන්ධන ලබාදීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. ඒ අනුව තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 109 ක් හරහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉන්ධන නිකුත් කෙරුණු ඇති.

අයිඕසී ඉන්ධන පිරවුම්හල් රැසකම ඉන්ධන නිකුත් කිරීම ඊයේ මධ්‍යඹ රාත්‍රියේ සිටම ආරම්භ කෙරුණා.  ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

නිසි ක්‍රමවේදයකට අනුව ඉන්ධන නිකුත් නොකරන බව සදහන් කරමින් අද උදෑසන සිට ගාල්ල මාපලගම මාර්ගයේ පෞද්ගලික බස් රථ ධාවනය සිදු වන්නේ නැහැ. මෙම මාර්ගයේ බස් රථ 26 ක් පමණ ධාවනය කෙරෙනවා.

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට ලගාවීමට නියමිතයි. කොළඹ හා පිට පළාත්වල ගෑස් බෙදාහැරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත අදහස් හා යෝජනා 100 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ අදාළ යෝජනා හා අදහස් ලිඛිතව තමන් වෙත ඉදිරිපත් කරන ලෙසයි. ලබන 18 වනදා තෙක් අදාළ යෝජනා ලබාගැනීම සිදු වනවා.

The post ඩිසල් හා පෙට්‍රල් හිඟයකින් තොරව ලබාදීමට සූදානම් – ඛණිජතෙල් සංස්ථාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG