ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ෂිංසෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අද දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ.
කෙසේ වුවද අද රජයේ නිවාඩු දිනයක් නොවන බවද ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.
The post ජපාන හිටපු අගමැති වෙනුවෙන් අද ශෝක දිනයක් appeared first on ITN News.
Post a Comment