Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතුර බාල්දියකට වැටී අවුරුදු එකහමාරක දැරියක් මරුට  

Add comments

අවුරුදු එකහමාරක් වයසැති කුඩා දැරියක් ගෙමිදුලේ තිබූ වතුර බාල්දියකට වැටීමෙන් මියගිය පුවතක් යාපනය පොන්නාලෙයි බටහිර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාල දැරිය සිය මව සමග නිවසේ සිට ඇති අතර මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලෙ සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දැරිය මිදුලේ වතුර පුරවා තිබූ ප්ලාස්ටික වතුර බාල්දියක් සමීපයට ගොස් එහි වතුර සමග සෙල්ලම් කරමින් සිටයදී වතුර බාල්දියට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසුවා.

කෙසේ වෙතත් මව ආහාර පිස මිදුලටවිත් දැරිය සොයා බැලීමේදී දැරිය වතුර බාල්දියට වැටී ඇති බව දුටු මව වහාම දැරිය ගෙන උදව් ඉල්ලා කෑ ගැසීමෙන් පසුව අසල්වාසීන්ද එක්ව දැරිය මූලායි රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවයි රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

දැරියගේ මළසිරුර මූලායි රෝහලේ තැන්පත් කොට පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යොමු කිරීමට පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන වඩුක්කොඩ්ඩෙයි පොලීසිය සඳහන් කළා.

දෙමාපියන්ගේ නොසැලිකිලිමත් බව හේතුවෙන් කුඩා දරුවන්ගේ ජීවිත මෙලෙස අහිමි වන බවටත් පසුගිය 03 වනදාද කන්කසන්තුරෙයි කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10 ක් වයසැති පිරිම් දරුවෙකු උගුරේ රඹුටන් ඇටයක් සිරවී හුස්ම ගැනීමට නොහැකි වීමෙන් මිය ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

 

 

The post වතුර බාල්දියකට වැටී අවුරුදු එකහමාරක දැරියක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG