Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යවස්ථානුකූලව රටේ නීතිය හා සාමය රැකීමට උපරිමයෙන් ක්‍රියා කරනවා  

Add comments

ව්‍යවස්ථානුකූලව රටේ නීතිය හා සාමය  රැකීම සදහා තමා උපරිමයෙන්ම ක්‍රියා කරන බව  වැඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

“ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ මාලදිවයින බලා පිටත් වුණා. ඔහු ඒ බව මටත් පැවසුවා. කථානායකතුමාටත් දැනුම් දී තිබුණා.

ඒ වගේ ම ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව ද දැනුම් දී තිබුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු අපිට ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් තෝරා ගන්න පුළුවන්. අද දවසේ අරගලකරුවන් බොහෝ සැලසුම් සකස් කර තිබුණා. ඒවා බුද්ධි අංශ මඟින් අපිට දැනගන්නට ලැබුණා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයය වටළන්න, යුද හමුධාපතිතුමාගේ ගෙදර, නාවික හමුදාපතිතුමාගේ ගෙදර, පාර්ලිමේන්තුව ඔවුන් වටළන්න සූදානමින් ඉඳලා තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්‍යාලය ඔවුන්ට කරන්න දෙයක් නෑ, පාර්ලිමේන්තුව වටලන එක කතානායකතුමා ගත්ත තීරණයක් නිසා නවත්තගන්න අපිට පුළුවන් වුණා. ඔවුන් හැදුවේ මේ ස්ථාන අල්ලාගෙන රටේ බලය තහවුරු කරගන්න. ඔවුන්ට අවශ්‍ය කෙනෙක් පත් කරගන්න.

සාමාන්‍ය ජනතාවගේ නිවාස ආරක්ෂා කළ යුතුයි.මෙලෙස තර්ජන කාරීව රටේ ජනාධිපති මන්දිරය ,අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය අල්ලාගෙන ඒවායේ තිබෙන ලිපිගොනු නැති කරන්නට ඉඩ දෙන්න බැහැ.එමනිසා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යොදවා පවතින තත්වය සාමාන්‍ය තත්ත්වයකට ගන්නැයි මා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියාත් පොලිස්පති තුමා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කොමිටියකට සම්පූර්ණ බලතල ලබා දී තිබෙනවා.මීට දේශපාලන ඇඟිලි ගැසීමක් නැහැ.මේ වැඩ කටයුතු අවසන් කළ විට මට වාර්තා කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.

සමහරු කියනවා ව්‍යවස්ථාව වැඩක් නෑ කියලා. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න හදනවා. එහෙම වෙන්න දෙන්න බෑ. ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරන්න ඕනේ. රටේ දේපොළ ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ආරක්ෂක අංශවල උපදෙස් අනුව මම තීරණය කළා ඇඳිරි නීතියත් හදිසි නීතියත් ක්‍රියාතමක කරන්න. මේ ඔබේ දරුවන්ගේ රටේ ජනතාවගේ අනාගතය. ත්‍රිවිධ හමුදාවට පොලිසියට හැමෝම සහාය දෙන්න ඕනේ.

හැමෝ ම නීතියට ගරු කරන්න ඕනේ. රට ආරක්ෂා කරගන්න ඕනේ. අපි කොහොම හරි මේ පැසිස්ට්වාදී තර්ජනය නතර කරන්න ඕනේ.”

The post ව්‍යවස්ථානුකූලව රටේ නීතිය හා සාමය රැකීමට උපරිමයෙන් ක්‍රියා කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG