ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිය මැද පෙරදිග සංචාරය ආරම්භ කළා.
ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා ලෙස මැදපෙරදිග සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. ඔහු පළමුව ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයට පැමිණ තිබෙනවා. බෙන් ගුරියන් ගුවන්තොටුපලෙන් ඊශ්‍රායලයට පැමිණි ඇමෙරිකා ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිලිගැනීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළා.
ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති සබදතා ඉතා ශක්තිමත් බවයි ඔහු මෙහිදී සදහන් කළේ. ඊශ්‍රායල පලස්තීන ගැටලුවේදී රාජ්‍ය දෙකක විසදුමට තමන් සහාය දක්වන බවද ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
The post ඇමෙරිකා ජනපති මැද පෙරදිග සංචාරය අරඹයි appeared first on ITN News.
Post a Comment