රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සදහා අදාළ වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.
දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති නිදහස ලබාදීම සදහා අවශ්‍ය කටයුතු මේ අනුව සම්පාදනය කෙරෙනවා.
අදාළ නීතිමය ක්‍රියාමාර්ග මෙහිදී අනුගමනය කළ යුතු වනවා. ඒ අනුවයි අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට මෙසේ දැනුම් දී ඇත්තේ.
මේ අතර රන්ජන් රාමනායක මහතාට ජනාධිපති නිදහස ලබාදීම පිළිබද කැබිනට් මණ්ඩලයේද සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පිළිබද ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.
The post රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ appeared first on ITN News.
Post a Comment