සහන මිලට ගොවි ජනතාවට රසායනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට මෙම පොහොර ලැබීමත් සමග රතිඤ්ඤා දල්වමින් ඔවුන් සිය සතුට ප්‍රකාශ කළා.
මෙවර යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර සහනදායී මිල ගණන් යටතේ අලෙවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ගල්අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පොහොර මිටි 500 ක් ගොවීන් එකසිය හැට දෙනෙකුට බෙදා දුන්නා.
වෙළෙදපොලේ රුපියල් හතළිස් දහසක් පමණ වන මෙම පොහොර මිටියක් රජයේ නව වැඩපිළිවෙළ යටතේ අලෙවි කෙරෙන්නේ රුපියල් දස දහසකටයි. තමන්ට පොහොර ලැබීම සම්බන්ධයෙන් සතුටට පත් ගොවීන් රතිඤ්ඤා දල්වමින් සතුට ප්‍රකාශ කළා.
ඉන්දීය ණය පහසුකම යටතේ මෙසේ යූරියා පොහොර මෙට්‍රික්ටොන් හතළිස් හතර දහසක් මේ වනවිට ලැබී තිබෙනවා. ඒ අතුරින් මෙට්‍රික්ටොන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ගොවි ජනතාව වෙත ලබා දී අවසන් බව කමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. තවත් පොහොර මෙට්‍රික්ටොන් විසිපන්දහසක් ලබන මාසයේදී මෙරටට ලැබීමට නියමිතයි.
The post සහන මිලට ගොවීන් අතට පොහොර බෙදීම ඇරඹේ appeared first on ITN News.
Post a Comment